Sathosa

Sep 05, 2018

'ආණ්‌ඩුවේ මැර සැලසුමක්‌' - මහින්ද අනතුරු අඟවයි

කොළඹ නගරයට පැමිණෙන ජනබල මෙහෙයුමේදී කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ නිර්මාණය කර ඒකාබද්ධ විපක්‍ෂයේ ජනප්‍රියත්වයට හානි කිරීමට යහපාලන රජය සහ පොලිසිය සැලසුම් කරගෙන සිටිනා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ආණ්‌ඩුවේම මැරයන් යොදාගෙන ජනබල මෙහෙයුම අවස්‌ථාවේ කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිකර ගැටුමක්‌ නිර්මාණය කිරීමට යහපාලන රජය සූදානම් වන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.


මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා ජනබල මෙහෙයුම කොළඹට පැමිණෙන්නේ රටේ ජනතාව මුහුණපා සිටින දැවැන්ත ප්‍රශ්නවලට එරෙහිව හඬක්‌ නැඟීමට යෑයි ද කීය.

ජනබල මෙහෙයුම ආරම්භ කිරීමටත් පෙර යහපාලන රජය දැඩි ලෙස බියට පත්වී සිටිනා බව පැවසූ රාජපක්‍ෂ මහතා මොන තර්ජන ගර්ජන ආවත් පෙළපාළිය ඉතාම සාර්ථකව පවත්වන බවද කියා සිටියේය.

(දිවයින)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top