Sep 05, 2018

අගේට කරන මහවැලි ගඟේ වැලි ජාවාරම්වල රඟේ ! Featured

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක නීති දෙකක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතළ පරිසර හානි මෙන්ම ප්‍රදේශවාසීන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ දිනවල මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් නීතිය අතට ගෙන මහවැලි ගඟේ වැලි කැනීම් ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රදේශවල පදිංචි බලපත්‍ර ලබාගෙන වැලි ගොඩ දමන කම්කරුවන් නීතියට යටත්ව වැලි කැනීම් කරන බවත් ඔවුහු පවසති.

මේ ක්‍රියාවලියන් දෙකම එකම ස්ථානයක එකම මහවැලි ගගේ සිදුවීම විසේෂත්වයකි .

බලපත්‍ර ලාභීන්ට නීතිය තදින් ම ක්‍රියාත්මක වන බවත් ඔවුන් ඉදිරියේම නීති විරෝධීව හා නීති උල්ලංගනය කරමින් වැලි කැනීම් සිදුකරන බවත් පැවසේ.

මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් මැඩලීමට ජනාධිපති වරයාගේ සිට පහළම නිලධාරියා දක්වා ලිඛිතව වාචිකව දැනුම් දුන්නද මෙම මහා පරිමාණ ජාවාරම ක්‍රියාත්මක වන බව මුතූර්, සේරුවිල, වෙරුගල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ස්වේච්ඡා සංවිධාන නායකයෝ පෙන්වා දෙති.

මේ අතර පෙරේදා (04) සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රදේශයට ගොස් මෙම ජාවාරම පිළිබඳව සියැසින් දැක මාධ්‍යවේදීන්ට එම තත්වය පෙන්වා පැහැදිළිකර දී තිබේ.sand4

ඔවුන් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සභාපතිවරයා ඇතුළු පිරිස සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

sand1

මෙම මහා පරිමාණ පරිසර විනාසය වැලි ජාවාරම පිළිබඳව තමන් ජනාධිපතිවරයා ගේ සිට සියලු දෙනාට දැනුම් දුන්නද ජාවාරම්කරුවන් නවතාලීමට කිසිදු අයෙකුට හැකිවී නැතැයි එහිදී සේරුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජි. රණසිංහ මහතා පවසා ඇත.

ප්‍රබල දේශපාලන හස්තයකින් බලපෑම්

ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන සුගත් රාමනායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට මෙය අත්හිටුවීමට හැකියාවක් නොවන බවයි.

ප්‍රබල දේශපාලන හස්තයක් මගින් මහා පරිමාණයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහයද ඇතිව මෙය ක්‍රියාත්මක කරන බවට ද ඔවුන් එහිදී චෝදනා කර තිබේ.

එහිදී රැස්වූ ගොවි සංවිධාන නායකයන් ද කියා රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් මෙම වැලි ජාවාරමට සම්බන්ධ බවත්, ප්‍රදේශයේ බලපත්‍ර ලාභීන්ට දිළිඳු ජනතාවට නීතිය තදින් ක්‍රියාත්මක කළ ජාවාරමක් ලෙස මෙය සිදුකරනු ලබන දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ට එය එසේ සිදු නොවන බවයි.

සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවැලි ගඟේ වැලි ගොඩ දමන ප්‍රදේශවලට නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් ගොස් ඇති අතර වැලි ගොඩ දැමීමට බලපත්‍ර ඇති එහි වෙසෙන ජනතාව සිය හිස මත තබාගෙන වැලි කූඩ ගෙනවිත් කුඩා පරිමානයෙන් වැලි ගොඩ දැමීම සිදුකරද්දී මහවැලි ගඟේ එම ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉවුරෙන් එගොඩ කිසිදු ඉවක්බවක් නොමැතිව මහා පරිමාණයෙන් ටැක්ටර් ගඟට යොදා වැලි කැණීම් සිදුකරන ආකාරයද නිරීක්ෂණය කිරීමට හැකිව තිබේ.

එසේ වැලි ගොඩදමන ආකාරය රහසිගතව රූගත කළ අයුරු.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා අවසරපත්‍ර 113 ක් පමණක් රජයෙන් ලබාදී තිබෙන බවත් අනෙක් සියලු ස්ථාන මේ කටයුතු සිදුකරනු ලබන්නේ අවසරයකින් තොරව බවයි.

 ( කාංචන කුමාර ආරියදාස-දඹුල්ල වාර්තාකරු)

sand2

sand3

sand6

sand8

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top