Sep 05, 2018

"ඇමරිකන් පියස" මාතරට

එක්සත් ජනපද තානාපති කාර්යාලය හා මාතර කර්මාන්ත හා වාණිජ මණ්ඩලය එක්ව මාතර නගරයේ ඇමරිකන් පියසක් විවෘත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තබන ලදි. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන මහජන කටයුතු නිලධාරිනි නැන්සි වැන් හෝන් මහත්මිය හා වාණිජ මණ්ඩලයේ මෙත්තා විදානගමාරච්චි මහත්මිය විසින් මීට අත්සන් තැබිණි.

මාතර හක්මන මාර්ගයේ අංක 149 ස්ථානයේ පිහිටි වාණිජ මණ්ඩල ගොඩනැගිල්ලේ බිම්මහලේ ක්‍රියාත්මක වන ඇමරිකන් පියස දකුණු පලාතේ ජනතාවට නොමිලේ වැඩසටහන් හා පුහුණුව ලබා දෙනු ඇත. මෙම වැඩසටහන්වලට ඉංග්‍රීසි පංති , ක්‍රමලේඛන හා පරිගණක කුසලතා , නායකත්ව පුහුණුව , චිත්‍රපට දර්ශන හා සංස්කෘතික අවස්ථා ආදිය ඇතුළත් වේ.

මෙහිදී නොමිලේ සිදුකරනු ලබන වැඩ සටහන් මගින් කලාපයේ ආර්ථික අවස්ථා වැඩි කෙරෙන අතර දෙරට අතර සබඳතාද පුළුල් කෙරේ.

මෙම ඇමරිකන් පියස ආරම්භ කරනුයේ 2018 මාර්තු මස එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තොරතුරු මධ්‍ය්ස්ථානය (Ihub)විවෘත කිරීමෙන් පසුවය. විවිධ පසුබිම් හා වයස් කාණ්ඩවල ජනයා ආකර්ෂණය කර ගැනිමට මේ හරහා හැකිවී තිබේ. වර්තමානයේ එහි පැවැත්වෙන වැඩසටහන් අතර කතා පැවැත්වීම හා ඉංග්‍රීසි භාෂා පංති ක්‍රියාත්මකය. ඉදිරි කාලයේ ඇමරිකන් පියස විවෘත කරන තෙක් මෙම තොරතුරු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනු ඇත.

american corner

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top