Sep 06, 2018

'ජනබලය ඉවරයි' - 'දැන් අගමැති මහින්ද දැයි' සමච්චල් !

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ 'ජන බලය කොළඹට' විරෝධතාව ඊයේ (05) මධ්‍යම රාත්‍රී අවසන් වී තිබේ.

ලේක් හවුස් වට රවුම අසල සුපිරි හෝටල්වල රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් දුරකථන ඔස්සේ සිදුකල සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන තිබිණ.

රැය පහන් වන තුරු සත්‍යග්‍රහයක් පවත්වන්නට තීරණය කර තිබුනද දුර බැහැරින් පැමිණි ජනතාව නිවෙස් බලා යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව විරෝධතාව අවසන් කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් විසින් රැස්ව සිටි විරෝධතාකරුවන් අමතමින් ප්‍රකාශ කර ඇත.

විරෝධතාකරුවන් මේ වන විට කොළඹින් පිටත්ව ගොස් ඇති අතර රථ වාහන බාධාවකින් තොරව ගමන් කළ හැකිව තිබේ.

ජන බලය කොළඹට විරෝධතා රැළිය ඊයේ පැවති අතර ඊයේ රාත්‍රියේ සංස්කෘතික අංග කිහිපයක් ද පැවැත් විණි.

නිසි සංවිධානයකින් තොරව මෙය සංවිධානය කර තිබූ බවට ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාති සමාජ මාධ්‍ය ද මේවනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට දැඩි ලෙස චෝදනා කරති.

‘දැන් ආණ්ඩුව ගත්තාද මහින්ද අගමැතිද’ අසමින් සමච්චල් කරන නිර්මාණ සමාජ ජාලයන්හි හුවමරු වෙමින් තිබේ.

එවැනි පෝස්ට් කිහිපයක් පහත දැක්වේ.

M 002

M 004

M 001

M 003

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top