nsb
Sathosa

Sep 07, 2018

ඇස්බැස්ටෝස් ගැටලුවට කරාපිටිය මැදිවෙයි

කරාපිටිය වෛද්‍ය පීඨයේ කායික හා විද්‍යාවේදී අංශය මඟින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු නිෂ්පාදනය කරන ආයතනවල රැකියාවන්හි නිරත සේවකයන්ගේ පෙණහලුවල ක්‍රියාකාරිත්වය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පර්යේෂණයක් ආරම්භකොට ඇත.

ඒ අනුව ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු නිෂ්පාදනය කරනු ලබන ආයතන තුනකට අයත් කර්මාන්තශාලා 04ක සේවකයන් 500ක් පමණ මෙම පර්යේෂණයට සම්බන්ධ කරගෙන ඇති බව කරාපිටිය වෛද්‍ය පීඨයේ කායික වෛද්‍ය අංශයේ මහාචාර්ය සම්පත් ගුණවර්ධන මහතා පවසයි.

මේ ආශ්‍රිත රැකියාවල නිරතව සිටින සේවකයන් හට ශ්වසන රෝග ඇතුළු අනිකුත් සෞඛ්‍යාබාධවලට ලක්වීමේ ප්‍රවණතාවක් තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම මෙකී පර්යේෂණයේ අරමුණ බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

මීට අමතරව වෙනත් රැකියාවල නිරත පුද්ගලයන්ද මෙකී පර්යේෂණය සඳහා සම්බන්ධ කරගෙන එය පාලක පරීක්ෂණයක් හැටියට සිදුකරන බවත් ඒ සඳහා පුද්ගලයන් 200ක් පමණ මේ වනවිට පර්යේෂණ සඳහා දායක කරගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top