Sep 07, 2018

කුඩු බට්ටි අත්අඩංගුවට

නීති විරෝධීව විකිණීම සඳහා හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක්‌ අඩංගු හෙරොයින් පැකට්‌ 15 ක්‌ සමඟ "පීල්ලවත්තේ කුඩු බට්‌ටි" නමින් හැඳින්වෙන කාන්තාව යටියන පීල්ලවත්තේ පිහිටි සැකකාරියගේ නිවසේදී මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සල්ලි ලෑස්‌තියි, කෑලි 20 ක්‌ රැගෙන එන්න යෑයි කියා සැකකාරිය ලබා දුන් දුරකතන ඇමතුමට හෙරොයින් මිලිග්‍රෑම් 2725 ක්‌ අඩංගු කුඩා පැකට්‌ 20 ක්‌ රැගෙන සැකකාරියට ලබාදීම සඳහා යතුරු පැදියකින් සැකකාරියගේ නිවසට පැමිණි සැකකරුව ද හෙරොයින් පැකට්‌ 20 සමඟ පොලිස්‌ නිලධාරීන් විසින් සැකකාරියගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකාකාරිය 30 හැවිරිදි දෙදරු මවක්‌ වන අතර නිත්‍යානුකූල සැමියාව අතහැර අනියම් පුරුෂයකු සමඟ ජීවත්ව සිට ඇති බවත් අනියම් සැමියා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී හෙරොයින් මිලට ගැනීමට සොරකමක්‌ කිරීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බවට පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

හෙරොයින් කුඩා පැකට්‌ වශයෙන් සකස්‌ කර විකිණීම සඳහා සැකකාරියට එම පැකට්‌ ලබාදෙන සැකකරු 37 හැවිරිදි කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් එම සැකකරු කොළඹින් හොරොයින් රැගෙනවිත් රුපියල් 1000 ත් 2000 ත් අතර මුදලකට විකුණා ගැනීම සඳහා හෙරොයින් කුඩා පැකට්‌ වශයෙන් සකස්‌ කර අලෙවි කරන්නෙකු බවටත් පොලිස්‌ පරීක්‍ෂණ වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. පොලිස්‌ ප්‍රජා කමිටු සාමාජිකයන්ගේ තොරතුරු මත පළමුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් සැකකාරියගෙන් හෙරොයින් පැකට්‌ 01 බැගින් ලබාගෙන තිබූ සැකකරුවන් තිදෙනෙකු ද සැකකාරියගේ නිවස අසලදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

ගම්පහ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මුදිත පුස්‌සැල්ල මහතාගේ අධීක්‍ෂණය මත මිනුවන්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප ජීවක රාජපක්‌ෂ, උප.පො.ප. ඩී. එම්. ආර්. ජයන්ත, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ශාන්ත පෙරේරා, (45600), ජයන්ත (55423), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් නර්ෂිකා (377), යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන අතර සැකකරුවන් සිව් දෙනා සහ සැකකාරියව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top