Sep 08, 2018

''හොඳ අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගත යුතුයි'' - ජනාධිපති කියයි Featured

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බවත්, ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අගමැතිවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද (08) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. නිවිතිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක හා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම්, මියුරු භාෂිත මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ.

කෙසේවුවද ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුටත් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව මෙහිදී අවධාරණය කළේය.

මහින්ද එකඟ කරගැනීමට දිගටම සාකච්ජා !

මේ අතර මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී අගමැතිකම මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට 15 කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධයේ නායකයින් අතර මේදිනවල තීරණාත්මක සාකච්ජා වටයක් පැවැත්වෙන බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නව ආණ්ඩුවක තනතුරු බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් මේ වන තෙක් අවසන් එකගතාවයට පැමිණ නැති නිසාත්, මීලග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යයි එම පක්ෂයේ ප්‍රධානින් දැඩි ස්ථාවරයක සිටිම නිසාත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

සබැඳි පුවත් :

'මහින්ද අගමැතිකම ගන්න සුදානම්' : නොවැම්බරයේ ආණ්ඩු පෙරළියකට රහස් කතා !

'මහින්ද අගමැති පුටුවේ වාඩිවෙනවට මෛත්‍රිගේ අකැමැත්තක් නෑ' -වාසු

ජනාධිපතිවරණයට මෛත්‍රී - මහින්ද සන්ධානයක් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top