Pasidol

Sathosa

 ‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි… වෙල්ගමට මතකයත් නැතිවෙයි..'' ‘පුළුවන්නම් වැඩ කරන්න බැරිනම් නිකං ඉන්න..’ මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි… වෙල්ගමට මතකයත් නැතිවෙයි..''
Sep 09, 2018

මහින්ද ලුණු ඇඹුලෙන් වෙල්ගමට දෙසයි !

මෑතකදී පැවති මංගල උත්සවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉතා තදින් අවවාද කර ඇති බව වාර්තා වෙයි.

විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පලවී ඇත. එහි මෙසේද සඳහන් වේ.

''තමන්ගේ එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් වෙනත් කිසිවකුට කඩේ යන්න තමන් සූදානම් නොමැති බවටත් වෙල්ගම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සහ කලින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මේ ආකාරයේ තදබල ලෙස අවවාද කිරීමක් හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇත.

තමනට කඩේ යන්නයි කිසිවිටකත් කීවේ නැති බවත් ඊළඟ ජනාධිපතිවරණයට කාටත් පිලිගත හැකි විස්වාසවන්ත කෙනෙක් නම් කළ පසු හැකි නම් එයාට වැඩ කරනා ලෙසත් බැරිනම් නිකන් ඉන්නා ලෙසත් රාජපක්ෂ මහතා දැඩිව පවසා ඇත.

කෙසේ වෙතත් පිලිතුරු ලෙස කුමාර වෙල්ගම මහතා පවසා ඇත්තේ තමන් විසින් එවන් ප්‍රකාශයක් කළේ යැයි මතකයක් නැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා එවිට සිනහමුසු පවසා ඇත්තේ එය මතක නැති වීම ප්‍රශ්නයක් නැති බව දැන් තමන් කියූ දේවල් හොදින් මතක තියාගන්නා ලෙසත්ය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් මීට පෙරද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙල්ගම මහතාට අවවාද කිරීම් කර තිබින.''

'ජනබලය' අසාර්ථක වීම නිසා මහින්ද දැඩි ආතතියක !

janabalaya'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමක දී අදහස් දැක්වූ එකාබද්ධයේ ප්‍රධානියකු කියා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා හා ඔහුට හිතවත් කණ්ඩායම විසින් පසුගිය 05 දා කොළඹදී සංවිධානය කර තිබු උද්ඝෝෂණය අසාර්ථක වීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි  ආතතියකින් පසුවන බවයි.

බලවත් සේ කෝපයකින් පසුවන මහින්ද රාජපක්ෂ මහතා, උද්ඝෝෂණයට එතරම් සහයක් නොදැක්වූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධයේ නායකයින් කිහිප දෙනෙකුටම දොස්පවරා ඇතැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය. 

සබැඳි පුවත් :
''වෙන කිසි රාජපක්‍ෂවරයෙක් එපා.. මම මහින්දට පමණයි'' - වෙල්ගම 

'හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි' - වෙල්ගම හා වාසු අනතුරු අඟවයි (වීඩියෝ) 

'ගෝඨා ගැන කතා කරන්නවත් එපා'- මහින්දගේ නිවස ඉදිරිපිටදී වෙල්ගම කියයි 

'හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මම විරුද්දයි' -කුමාර වෙල්ගම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top