Sep 10, 2018

TNA මන්ත්‍රීලා වෙඩුක්කුනාරි පුරාවිද්‍යා බිම බලන්න ගිහින් (ඡායා)

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඉපැරණි බෞද්ධ වෙහර සංකීර්ණයක් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීමට ඊයේ (09) ගොස් තිබේ.

පුරාවිද්‍ය නිළධාරීන්ගේ මතය අනුව පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින නෙඩුන්කේනි වෙඩුක්කුනාරි ගල් තලාව තුළ පවති.

අදාළ ගල් තලාව පැවති ස්ථානය තුළ අතීතයේ පටන් ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් පැවති බව සදහන් කරමින් නෙඩුන්කේනි ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයේ ශිව දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා තිබිණි.

පුරාවිද්‍ය නිළධාරීන් සදහන් කරනු ලබන්නේ පුරාවිද්‍ය භූමියක් තුළ නව කෝවිලක් සකස් කිරීමට අවස්ථාවක් ලබාදීම සිදුකළ නොහැකි බවයි.

අදාළ කාරණය හේතුවෙන් වෙඩුක්කුනාරි පුරාවිද්‍ය භූමිය සම්බන්ධයෙන් ගැටළුවක් හටගෙන ඇති අතර, පුරාවිද්‍ය භූමිය තුළ කෝවිලක් ඉදිකිරීමට අවසර ඉල්ලා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීහු පිරිසක් පසුගියදා නෙඩුන්කේනි ප්‍රදේශයේ විරෝධතාවයකද නිරත වූහ.

ගැටළු සහගත ස්ථානය නිරීක්ෂණය වෙනුවෙන් වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා, ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා, උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි.ලිංගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුරාවිද්‍ය ස්ථානය නිරීක්ෂණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජනතාවගේ පාරම්පරික භූමිය තුළ දෙමළ ජනතාවට කෝවිලක් ඉදිකිරීමට අවසරය ලබානොදීම තමන් තරයේ හෙළා දකින අතර, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.

සටහන හා ඡායාරූප - මාධව කුලසූරිය වවුනියාව වාර්තාකරු

Nedunkeny2

Nedunkeny3

Nedunkeny4

Nedunkeny5

Nedunkeny6

Nedunkeny7

Nedunkeny8

Nedunkeny9

Nedunkeny12

Nedunkeny14

Nedunkeny15

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top