ඝාතනය කරන ලද සතුන් සහ තුවක්කුව ඝාතනය කරන ලද සතුන් සහ තුවක්කුව
Sep 11, 2018

අංගම්මැඩිල්ලේ දඩයක්කරු මාට්ටු (ඡායා)

පොළොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ රඹවැව ප‍්‍රදේශයෙදී දඩයම් කළ මුව පැටවුන් දෙදෙනෙකු , ඉත්තෑවෙකු සහ බෝර 12 තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අද (11) අලුයම කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී කාර්යාලය පවසයි.

පොළොන්නරුව වනජීවී කාර්යාල නිලධාරින්ට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ එහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇත.

මෙම වැටලීම සඳහා පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කේ. ඒ උපාලි කුමාරසිංහ මහතා සහ අඩවි ආරක්ෂක එස්. ඒ වික‍්‍රමරත්න ඇතුළු නිලධාරින් කාණ්ඩායමක් වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් තුවක්කුව ඇතුළු සැකකරු සහ සතුන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවී නිලධාරිහු කියති.

සටහන සහ ඡායා - ඩබ්. ඒ . පියතිලක - හිඟුරක්ගොඩ

game2

game3

game4

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top