Pasidol

Sathosa

Sep 11, 2018

නාමල්ට එරෙහි කළු සල්ලි නඩුව කල් යයි

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තොම්බර් මස 9 දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළේය.

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතා ගෙන් අද දින විත්ති පාර්ශවයේ නීතිඥවරු හරස් ප්‍රශ්න විමසනු ලැබු අතර එහිදී රජය වෙනුවෙන් සාක්ෂි ලබා දීමට පගාවක් ගත් බවට විත්ති පාර්ශවය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළේය.

ඔහුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ඔක්තොම්බර් මස 9 දාට කල් තැබීමට මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම සහ නිත්‍යයා සෙනානි යන අය මහාධිකරණයේ පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරණය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත් අඩන්ගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top