Sathosa

Sep 13, 2018

''ගෝඨා ජනපති කරන්න නියත විවරණ ලැබුණා'' - ගම්මන්පිල Featured

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති ධුර අපේක්ෂක වීම තම පැතුම බවත් එයට හිටපු ජනපතිවරයාගෙන් නියත විවරණ ලැබීම ගැන සතුටුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20වන සංශෝධනයට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගම්මන්පිල මහතා ගොනු කර තිබූ පෙත්සම ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරුණ අතර එම අවස්ථාවට එක්ව සිටි මන්ත්‍රීවරයා අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ එබව සඳහන් කළේය.

ඒ, මාධ්‍යවේදින් හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදීය.

වීඩියෝ 

via ytCropper

 මහින්ද ඉන්දියාවේදී කියපු කතාව !

එළැඹෙන 2019 වසරේ ජනාධිපතිවරණයට තමා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදෙන බවත් තමාට ඉදිරිපත් වීමට ‌නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම සිය ‌‌සොයුරෙකු ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස ඉදිරිපත් කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ දී ප්‍රකාශ කර තිබේ.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ’ද හින්දු’ පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

දැනටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ‌ලෙස සිටින මහින්ද රාජපක්ෂ මහතා සිය පක්‍ෂය ‌ලෙස ‌පොහොට්ටු පක්ෂය සඳහන් කර ඇති අතර ඒ පක්ෂය පිළිබඳව දැඩි විශ්වාසයක් පවතික බවද සඳහන් කර ඇත.

2019 වසරේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන්නේ තමා බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට තරඟ කළ හැකි බවත් ඒ සඳහා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සූදානම් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

එසේම තමා විසින් පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සීමාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවදානම නොගෙන විකල්පයක් වශයෙන් සියලු දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු නිවේදනය කළහොත් අනිවාර්යයෙන්ම සිය සොහොයු‌රෙකු තරගකරුවෙකු වන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

 නාමල්ට බැහැ : චමල් පමණයි :

 තවද, ජනාධිපති අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 35 දක්වා ඉහළ නංවා ඇති බැවින් සිය වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ 2019 වසරේ දී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස සැලකිය නොහැකි බවද මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා මහතාගේ ප්‍රකාශය අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඔහුගේ ‌සොහොයුරෙකු ඉදිරිපත් කරනවා නම් මේවනවිට අදාල සුදුසුකම් සපුරා ගත හැක්කේ චමල් රාජපක්ෂ මහතාට පමණි.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන ‌දෙදෙනාම ඇමරිකානු පුරවැසියන් සහිත ද්විත්ව පුරවැසියන් වීම ඊට හේතුවයි.

ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට අදාල සුදුසුකම් තිබිය යුතුය. ලංකාවේ නව නීතිය අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය ‌නොහැකි ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top