Pasidol
Sathosa Ad Final Sinhala
Dec 27, 2016

සෙලාන් කොටස්ගත් හොම්මා ජනපති හමුවන්න ඉල්ලයි

ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ මිලියන 13 ක කොටස් මිලදී ගත් ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) ජනපතිවරයා හමුවීමට ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ ගනුදෙනුව සම්බන්ධයෙන් පිරිසක් අගමැතිවරයා නොමඟ යැවීම හේතුවෙන් එම විකිණීමේ ගනුදෙනුව අක්‍රිය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබිණි.

අදාළ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොල කැළඹීමකට ලක්වූ බව කොටස් තැරැව්කාර සමාගම් මතය වේ.

එසේම සිය ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් එම කෝටිපති ජපන් ජාතිකයා සතුව සෙලාන් බැංකුවේ තැන්පත් කර තිබූ තවත් රුපියල් කෝටි 350 (අමෙරිකානු ඩොලර් මිලියන 25) කට ආසන්න තැන්පත් මුදල ඉවත් කර ගැනීමට ද ඔහු මේවන විට තීරණය කර ඇති බව පැවසේ.

ජපන් ව්‍යාපාරික හොම්මා අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

හොම්මා මෙම ගනුදෙනුව සඳහා ඉදිරිපත් වී ඇත්තේ සෙලාන් බැංකුවේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවකු වන පී. ගුණසේකර නම් මෙරට ව්‍යාපාරිකයකුගේ ඉල්ලීම පරිදිය.

ගුණසේකර නම් ව්‍යාපාරිකයා හොම්මාගේව්‍යාපාරික සහකරුවකු වන අතර ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරයක් වන පැසිපික් ටර්බයින් බිස්බන් සමාගමේ 19%ක කොටස් හිමිකරුවෝ ද වෙති.

ඒ අනුව සිය ව්‍යාපාරික සගයාගේ ඉල්ලීම මත මෙම කොටස් මිලදී ගැනීම සඳහා හොම්මා යොමු වී ඇත්තේ ඔහුට අයත් අසීර් ඇන්ඩ් නෙක් (පෞද්) සමාගම හරහාය. එම සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර ඇති සමාගමකි.

සබැඳි පුවත්

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! - සෙලාන් බැංකුව අනතුරේ !

සෙලාන් ඩීල්එක ගැන FCID පරීක්ෂණයක්

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් විකිණීමේදී බරපතල වංචාවක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top