උද්ඝෝෂණයෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් හා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්, ආයතන අධ්යක්ෂ ජනරාල්, අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැය 2.00 කට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් 21 න් බොහෝ ඉල්ලීම් ප්‍රමාණයකට විසඳුම් ලැබී ඇති අතර එම එකඟතා හා තීරණ සැප්තැම්බර් 30 වන විට ක්‍රියාත්මක කරන බවටද එකඟව තිබේ.
උසස් වීම් පටිපාටියක් සකස් කිරීම, සුදුසු රාජකාරී පැවරීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානී වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීම, දෙවන භාෂා ප්‍රවීනතාවය සඳහා පවතින අසහනකාරී විභාග ක්‍රමය වෙනුවට පාඨමාලා ක්‍රමයක් දියත් කිරීම, වැඩ ආවරණය කිරීම වෙනුවට වැඩ බැලීම් හා ඒ සඳහා අදාළ දීමනා ලබාදීම, ක්ෂේත්‍ර රාජකාරී දීමනා හිමි නොවන පිරිස් සඳහා අදාළ ගෙවීම් කිරීමට එකඟ වීම, MN 4 ආශ්රිත සේවා උපාධිධාරීන්ගේ රාජකාරී අධීක්ෂණය MN 4 ට වඩා පහළ වැටුප් තලයක් වන MN 2 වැටුප් තලයේ නිලධාරීන්ට පවරා තිබීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් බොහොමයකට විසඳුම් ලබාගැනීමට හැකිය ඇත.
පොරොන්දු ඉටුකිරීම පිළිබඳව එම සංගමය දැඩි සෝදිසියකින් කටයුතු කරන බවත් අදාළ එකඟතා හා තීරණ එකඟ වූ දින වකවානු තුළ ක්‍රියාත්මක නොවූවහොත් එක්දින වැඩවර්ජනයෙන් එහාට යමින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුහු අවධාරණය කරති.