ඔහු සඳහන් කරන්නේ පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල්වාදය නිසා බවත්ය.
පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්රීවරයා පෙන්වා දෙයි.
මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වූයේ, ගිය රජයෙන් හිමිතැන නොදුන් නිසා බවත් මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
'නෙත් එෆ් එම්' සමඟ අදහස් පළ කරමින් වෙල්ගම මන්ත්රීවරයා මේ බව පැවසීය.