Pasidol

Sathosa

Sep 14, 2018

'ලංකාවේ වෙළෙඳපොළ ආක්‍රමණය කරන්නේ නෑ' (ඡායා)

ශ්‍රී ලංකා වෙළෙඳපොළ වගේ සිය ගුණයක් විශාල වෙළෙඳපොළක් ඉන්දියාවේ තිබියදී ශ‍්‍රී ලංකාව වගේ කුඩා වෙළෙඳපොළක් ආක‍්‍රමණය කිරීමට ඉන්දියාවට කිසිසේත්ම අදහසක් නැතැයි ශ‍්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් තරංජන් සිං සන්දු මහතා පවසයි.

ආණ්ඩුකාර නීතීඥ රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආරාධනය මත නැගෙනහිර පලාතේ සංචාරයක නිරතව සිටින ඉන්දීය මහකොමසාරිස් වරයා ඊයේ (13) පස්වරුවේ ත‍්‍රිකුණාමලයේදී පලාත් රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හමුවේ පැවැති විශේෂ දේශනයකදී මේ බව පැවැසීය.

මෙම හමුව ත‍්‍රිකුණාමලයේ පිහිටි කළමනාකරණ අභිවෘද්ධි පුහුණු දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉන්දීය මහකොමසාරිස්වරයා

"ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ ආක‍්‍රමණය කරන බවට ලංකාවේ අය අතර බොරු බියක් තියනවා. ලංකාව කළ යුත්තේ ඉන්දියාව වගේ වෙළෙඳපොළට ඇතුල් වී ආර්ථික වශයෙන් ප‍්‍රයෝජන ලබා ගැනීමයි. ඒ සඳහා ඉන්දියාව සෑම විටම උදව් කරන්න සූදානම්. ඉන්දියාව අනුරාධපුර හා පොළොන්නරුවේ ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තියනවා. මහනුවර දළදා මාලිගාවට අනුබද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි කිරිමටත් අපි සැලසුම් සකස් කරලා තියනවා".

"ඉන්දියාව හඳුන්වා දුන් ගිලන් රථ සේවය යාපනය දක්වා දැන් ව්‍යාප්තයි. වෛද්‍ය ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර සඳහා සිසුන් 750 කට සෑම වසරකම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉන්දියාව නිවාස 15,000 උතුරු නැගෙනහිර ඉදිකරනවා. ඉන් නිවාස 4,000 ක් ත‍්‍රිකුණාමලයේ ඉදි කරනවා. ඒ ව්‍යාපෘතිය තමයි අපේ ලොකුම ව්‍යාපෘතිය වන්නේ" යැයි පැවැසීය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් අසංක අබේගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් රැසක්ද සහභාගි වූහ.

Indian1

Indian2ඉන්දීය මහ කොමසාරිස්වරයා පිළි ගනිමින්

Indian3

Indian5

Indian6

 සටහන සහ ඡායා - ලක්මාල් කේ. බදුගේ - ත්‍රිකුණාමලය

01 ඉන්දීය මහ කොමසාරිස්වරයා පිළි ගනිමින්
02 ඉන්දීය මහ කොමසාරිස්වරයා රාජ්‍ය සේවකයන් අමතමින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top