Pasidol

Sathosa

Sep 14, 2018

පාසැල් දරුවන්ට ළමා බදු කතා පොතක් (ඡායා)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර ප්‍රකාශනය කරන ලද ලස්සන හෙට දිනක් නැමැති ළමා කෘතියෙහි දමිළ පරිවර්තනය පසුගිය දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දරුවන් අතට පත් කෙරුණි.

බම්බලපිටිය හින්දු විද්‍යාලයේ දී පැවති මෙම උත්සවයට එම විද්‍යාලයේ සිසුවන් සහ බම්බලපිටිය රාමනාදන් කාන්තා විදුහලෙහි සිසුවියන් ද සහභාගි විය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස සේවය කරන නදී දිසානායක මහත්මිය විසින් නිර්මාණය කරන ලද මෙම ළමා කෘතියෙහි මූලික අරමුණ වී ඇත්තේ රටේ දරු දැරියන් තුළ බදු පිළිබඳ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි.

පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වන කතාබහ තුළ රටේ සංවර්ධනයට ජනතාව විසින් ගෙවන බදු මුදල් යොදාගන්නා ආකාරයත් මෙම කෘතියෙන් විග්‍රහ කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් ස්වර්ණමාලි කරුණාරත්න මහත්මිය, හින්දු විද්‍යාලයේ විදුහල්පති, ටී.පී. පරමේෂ්වරම් සහ රාමනාදන් විදුහලේ විදුහල්පති නාකුලරාජා මහත්මිය යන අයද මෙම උත්සවයට සහභාගි වූහ.

Book 2

Book 3

Book 4

Book 5

Book 6

Book 7

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top