nsb
Sathosa

Sep 14, 2018

වතු පොකුණු ජලාශවල තිලාපියා ලැඟුම් ගත් අයුරු (ඡායා)

වතුකර ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීම සඳහා ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතිය යටතේ තවත් මත්ස්‍යය පැටවුන් දෙලොස්දහසක් ජාතික ජලජ ජීවී වගා අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (13) එම වතුයායේදී මුදා හරිනු ලැබුණි.

වතු ජලාශ ආශ්‍රිතව මත්ස්‍යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හැටන් ස්ටැඩන් වතු යායට අයත් පැන්මුර් වතු යායේ ඉදිකර ඇති පොකුණු ජලාශවලටයි මෙසේ තිලාපි මත්ස්‍ය ඇගිල්ලන් දෙලොස් දහසක් මුදා හැරිම සිදු කරන ලදි.

ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන දඹුල්ල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය පැටවුන් මෙසේ ජලාශයට මුදා හැරි අතර එම මත්ස්‍යය පැටවුන් මාස 6 ක කාලයක් තුල කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේය.

මෙම ජලාශයේ මත්ස්‍ය අස්වැන්න එම වතුයායේ වතු කම්කරුවන්ට ලබා දිමටද නියමිතය.

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

Tilapiya1

Tilapiya2

Tilapiya3

Tilapiya4

Tilapiya5

Tilapiya6

Tilapiya7

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top