nsb
Sathosa

Sep 14, 2018

බඹර ප්‍රහාරයෙන් ළමුන් 28 ක් රෝහලේ (ඡායා)

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙළිය සමන්එළිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් තුවාල ලැබූ පාසල් සිසු සිසුවියන් 28 දෙනෙකු පමණ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව මස්කෙළිය පොලිසිය කියයි.

අද (14) දහවල් 12 ට පමණ පාසලේ විවේක කාලයේදි ක්‍රිඩා පිටියේ සෙල්ලම් කරමින් සිටියදී ක්‍රීඩා පිටිය අසල ගල්තලාවක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සී බඹරුන් පහර දුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා මස්කෙළිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් කියා සිටී.

මෙම ප්‍රහාරයෙන් 5,6,7,8 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇත.

බඹර ප්‍රහාරය එල්ල වීම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය පරිදි පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති අතර රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය රෝහල් ආරංචිමාර්ග කියයි.

බඹර ප්‍රහාරය සම්බන්ධව මස්කෙලිය පොලිසිය පරික්ෂණ පවත්වයි. ‍

සටහන සහ ඡායා - රංජිත් රාජපක්ෂ - හැටන්

maskeliya1

maskeliya2

maskeliya3

maskeliya4

maskeliya5

maskeliya6

maskeliya9

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top