Sathosa

Sep 19, 2018

වැලිකඩ රැඳවියන් උපවාසයක

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද අද (19) එක් දින සංකේත උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රැඳවියන් මෙසේ උපවාසය ආරම්භ කර ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නියුතු රැඳවියන්ට සහාය පළ කරමිනි.

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දේශපාළන රැඳවියන් අට දෙනෙකු පසුගිය 14 වැනිදා ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය තවමත් ක්‍රියාත්මක බවත් ඊට සහාය දක්වා මෙසේ මැගසින් බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් පිරිසක් උපවාසයක් ආරම්භ කළ බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු එම්.සත්තිවේල් පියතුමා පැවසීය.

නිශ්චිත දිනක් ප්‍රකාශ නොකර නිදහස් කිරීමේ පොරොන්දුවක් ලබා නොදුණහොත් ඉදිරි දිනකදී අනිවාර්යෙන්ම මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මෙම පිරිස ද සූදානම් බවත් ඒ බව මැගසින් බන්ධනාගාර පාලනාධිකාරියට දන්වා ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top