Pasidol

Sathosa

Sep 19, 2018

ඇඹිලිපිටිය කඩදාසි කම්හල නැවත අරඹයි

මේ වන විට කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව යළි විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව රුපියල් මිලියන 1,200ක ආයෝජනයක් සහිතව, ඇසුරුම් භාණ්ඩ නිපදවීමට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය සඳහා, මෙම කම්හල කොරියන් ස්පා ආයතනය වෙත බදු පදනම යටතේ ලබා දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top