Sep 20, 2018

'එකම නායකයා මහින්ද පමණයි.'- ගෝඨා ඉදිරිපිට වෙල්ගම කියයි

තම එකම නායකයා වන්නේත් තමන් නායකයා ලෙස පිළිගන්නේත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි.

ඔහු මෙසේ පැවසුයේ, නිදහස් කලා සන්ධාන මහ සමුළුව අමතමිනි.

ඉදිරියේදීද මේ රටේ පාලනය භාර ගත යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවද ඔහු එහිදී සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත් වුණේ පානදුර උතුරු තලපත්පිටියේදීය.

මන්ත්‍රී කුමාර වෙල්ගම මෙම අදහස් පළ කරද්දී ඔවුන් දෙදෙනාම ප්‍රධාන ආරාධිත අසුන්වල සිටීමද විශේෂත්වයකි.

මෙම සමුළුව ඉතා විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර සමුළුව අවසානයේ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබිණ.

(මුලාශ්‍රය - ලංකා සී නිව්ස්)

42193648 10155355832576467 7962751697564991488 n

42227750 10155355832881467 5248231705344475136 n

42236162 10155355832401467 5366904950267838464 n

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top