Sathosa

Sep 22, 2018

ත්‍රිපිටකය ජාතික උරුමයක් වෙයි ! Featured

බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ඇතුළත් ලොව ඇති ආගමික ග්‍රන්ථ අතර ප්‍රධානම ස්ථානයක් ගන්නා ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ත්‍රිපිටකය සම්බන්ධ නැවත මුද්‍රණ ආදී කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීමට අනුමැතිය හිමි වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

සංදේශ අංක එම්බි/01/05/2018-26 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති අතර ඉකුත් 18 වැනිදා ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද එම අමාත්‍යාංශය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top