Sathosa

Sep 22, 2018

රුපියල කඩා වැටීමෙන් වාහන මිල ඉහළට

‍රුපියලේ අගය අවප්‍රමාණයවීමත් සමඟ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා පැවුසවේ වාහන මිල අවම වශයෙන් ලක්ෂ 3කින් පමණ ඉහළයනු ඇති බවයි.

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් ඊයේ (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබිණි.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.

(අද දෙරණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top