Pasidol

Sathosa

Sep 22, 2018

'රුපියල රැකගන්න බැරිනම් අපට ආණ්ඩුව දෙන්න' - මහින්ද Featured

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රජයේ නිවැරදි නායකත්වයක් නොමැති වීම මෙම ආර්ථික ගැටලු වලට ප්‍රධානතම හේතුව බවත් ඒ මහතා පැවසිය.

තමන් ආණ්ඩුව භාර දෙන විට අමෙරිකානු ඩොලරයක අගය රුපියල් 131.40ක් පමණ වු බවත් මේ වන විට එය රුපියල්170ත් ඉක්මවා ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පැවසුවේ රුපියල අවප්‍රමානය වීම වලක්වා ගැනිමට හැකියාවක් නොමැති නම් නැවතත් ආණ්ඩුව භාර දෙන ලෙසටය.

එහිදි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන වීමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද අදහස් දැන්වීය.

 ''2011 - 2012 කාලයේ රුපියල 12%කින් අවප්‍රමාණ වූනා''

කෙසේවුවද, ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම යන හේතූන් මත ආසියාව ඇතුළු රටවල මුදල් එකක අවප්‍රමාණ වී ඇතත් ඩොලරයේ අගය අඩුවීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ අවස්ථාවක්ව පැවැති යුගයක්ද පැවති බව රාජපක්ෂ පාලන සමයේදී ද මහ බැංකුවේ සේවය කල එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ 2012 වසරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල එක් මසක් ඇතුලත 12% කින් අවප්‍රමාණය වි ඇත.

ඒ වනාහී ලොව අනෙකුත් රටවල ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය ශක්තිමත් වෙමින් තිබූ අවස්ථාවකදීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, එය මෙරට ආර්ථිකයේ ප්‍රශ්න නිසා සිදුවූවක් බවයි.

ජාත්‍යන්තරයේ සැබෑ තත්වය :

ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වීම ඉදිරියේ දියුණුවෙමින් පවත්නා බොහොමයක් රටවල ඩොලරයට සාපේක්ෂව එම රටවල මුදලේ අගය අවප්‍රමාණය වෙමින් පවතී.

අද වනවිට එනම්, 2018 මැයි මාසයෙන් පසුව ලංකාවේ රුපියල 6% ක පමණ අවප්‍රමාණය වී ඇත. මෙම අවප්‍රමාණ ප්‍රතිශතය අපට වඩා විශාල ආර්ථිකයක් ඇති ඉන්දියාවේ මුදලේ අවප්‍රමාණය 11% කි. පිලිපීනයේ 9% කි. ඔස්ට්‍රේලියාවේ 8% කි.

එමෙන්ම, පකිස්ථානය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් බොහොමයක ඩොලරයට සාපේක්ෂව ඒ ඒ රටවල මුදලේ අගය අවප්‍රමාණය වී තිබීම සුලභව දක්නට ලැබෙන සත්‍යයකි.

RavindraSamaraweera 670px 22 09 18'පසුගිය ආණ්ඩුවේ ප්‍රතිවිපාක ගෙවනේ අපි' - අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරමේ අතර කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසන්නේ, ඉකුත් පාලන සමයේ සිදු කල අදූරදර්ශී ක්‍රියාවන්හි ප්‍රතිවිපාක ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ජනාධිපති ධුරය දැරිමට හැකිව තිබු අවම වාර ගනනද වෙනස් කරමින් හිටපු ජනාධිපතිවරයා තම ධුර කාලය දිර්ඝකර ගැනීමට කටයුතු කළත් අවසානයේ වසර දෙකකට පෙර ඡන්දය පවත්වා වගකීම්වලින් පැය ගිය බව අමාත්‍යවරයා පැවසීය.

පසුගිය පාලන සමයේ තිබු අභියෝග වත්මන් ආණ්ඩුව බාරගෙන බැනුම් අසමින් ගැටලු විසදිමන් සිටින බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top