Sathosa

Sep 24, 2018

'එළියට' ගිහින් එන ගමනේදී අලි ප්‍රහාරයක් : පුද්ගලයකු මරුට !

පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පෙරේදා (22දා) සවස පැවැති 'එළිය' වැඩසටහනට සහභාගි වී ආපසු නිවෙස් බලා ගිය පුද්ගලයන් දෙදෙනකුට අරලගංවිල ගල්එළිය ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගල්එළිය, වෙහෙරගල, අරලගංවිල ලිපිනයේ පදිංචිව සිටි ඩී.එම්. රත්නපාල (57) නම් පුද්ගලයෙකි.

පොලිසිය පවසන අන්දමට පොළොන්නරුවේ දී පෙරේදා (22දා) සවස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එළිය වැඩසටහනට සහභාගි වී බස් රථයෙන් ආපසු නිවෙස් බලා පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනා නිවෙස්වලට යන මාර්ගයේ බස් රථයෙන් බැස පයින් යමින් සිටියදී රාත්‍රි 8.30ට පමණ වන අලි ප්‍රහාරය එල්ල වී තිබේ.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වහාම දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සමත් වී ඇති අතර තුවාලකරුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

(මව්බිම)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top