Sep 24, 2018

මේ අවුරුද්දට වන අලි 150 මැරිලා - ෆොන්සේකා

මේ වසර තුළ වන අලි 150 ක් මියගොස් ඇති බව වනජීවි කටයුතු පිළිබද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කියයි.

එසේම වන අලි ප්‍රහාර හේතුවෙන් මේ වසරේ මියගොස් ඇති පුද්ගලයන් ගණන 75ක් බවත් ඔහු කියා සිටී.

වවුනියාව නන්දිමිත්‍රගමේ ඊයේ (22) පැවති අලි වැට ගැටළුව සම්බන්ධව ජනතාව සමඟ සාකච්ජාවකදීම අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ සෑම වර්ෂයකම වගා ප්‍රමාණයන්ගෙන් සියයට 25 ක ප්‍රමාණයක් අලි විනාශ කිරීමේ තත්වයක් උද්ගතව ඇති අතර, මිනිස්සුන්ට, දේපළවලට හා වගාවන්ට අලින්ගෙන් වන හානිය අවම කිරීමට තමන් උත්සහ කරමින් සිටින බවයි.

වර්තමානයේදී අලි වැටවල් කිලෝමීටර 4500 ක් ඉදිකොට තිබෙන අතර, තවත් කිලෝමීටර 2500 ක් ඉදිකිරීමට අවශ්‍යව තිබෙන බවද ෆොන්සේකා මහතා පැවසුවේය.

අලි වැටවල් ගැසීමට බිලියන 5ක් !

අලිවැටවල් ඉදිකිරීම හා නඩත්තුව වෙනුවෙන් රුපියල් බිලියන පහක මුදල් යෙදවීමට සිදුව තිබෙන අතර, අපේ මූලික අරමුණ ගමයි කුඹුරයි ආරක්ෂා කර ගැනීම වන බවද හෙතෙම එහිදි සදහන් කළේය.

ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසූවේ අලි වැට ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක භටයින් හා වනජිවි නිළධාරීන් 7,000 ක පිරිසක් යෙදවීමට නියමිත බවයි.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top