Sep 24, 2018

සිනී මිලේ වෙනසක් නැහැ : අයුතු ලාභය රජයට ! Featured

සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අයකරන ලද රු 31 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය සතියේ සිට සාමාන්‍ය බදු ක්‍රමය යටතේ කිලෝවකට රුපියල් 42 ක පමණ දක්වා වැඩි කළද සීනිවල විකුණුම් මිල වෙනස් කිරීමට රජය මගින් කිසිදූ ආකාරයක අනුමැතියක් ලබා දී නොමැති බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සිනි මිල වැඩිවී ඇතැයි ඇතැම් මාධ්‍ය වල පලවන වාර්තා සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එබව පැවසු එම නිලධාරියා එම කාරණය මෙසේ පැහැදිලි කළේය.

සීනි සැපයුම වැඩිවීම හේතුවෙන් සීනි වල ආනයනික පිරි වැය රුපියල් 76 සිට රුපියල් 52 දක්වා අඩුවිය.

එහෙත් සිනී ආනයනය කරන ව්‍යාපාරිකයින් එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කර නොමැති නිසා, එහි වාසිය ජනතාව වෙනුවෙන් රජයට අත්පත් කර ගැනීම සඳහා මෙසේ සීනි සඳහා වන බදු වැඩි කරනු ලැබීය.

ඒ අනුව සීනි කිලෝවක් සඳහා ආනයනික බදු රුපියල් 11 කින් පමණ වැඩි වූවද ආනයනික පිරිවැය අඩුවීම හේතුවෙන් ආනයනකරුවන්හට සීනි කිලෝවකින් රුපියල් 09 ක පමණ වෙලඳ වාසියක් ලැබේ.

එහෙයින් සීනිවල විකුණුම් මිල වැඩි කිරීමට කිසිදු ආනයනකරුවෙකුට හෝ විකුණුම්කරුවෙකුට රජය මගින් අවසර දී නොමැත.

සිනී පැරණි මිලටම :

ශ්‍රී ලංකාවේ වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ හයක පමණ සීනි පරිභෝජනයක් පවතියි. එයින් මෙට්‍රික් ටොන් 50ක් දේශීයව නිෂ්පාදනය කෙරේ.

සීනිවල ආනයනික පිරිවැය රු 20 කින් පමණ අඩු වූ පසුව මෙවනතෙක් සීනි මෙට්‍රික් ටොන් 22,000 ක් පමණ මෙරටට ආනයනය කර තිබේ.

ඒ අනුව නව බදු ව්‍යූහය යටතේ ආනයනය කරන ලද එම සිනි ද අඩු පිරිවැයකින් ආනයනය කර ඇති බැවින් සීනි වල විකිඋණුම් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර තිබේ

මේ දිනවල සතොස ඇතුලු සුපිරි වෙළඳ සැල්වල පවා සීනි අලෙවි කරනු ලබන්නේ පැරණි මිලටමය.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top