Sep 25, 2018

ලයිම මංසන්දියේ රිය අනතුරක් - අයෙක් පලා යයි (ඡායා)

අම්බලන්තොට ලයිම මංසන්දියේදී ඊයේ (24) රාත්‍රීයේ කැබ් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ මව ,පියා සහ පස් හැවිරිදි පුතා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත.

ඊයේ රාත්‍රී 7.00 ට පමණ අම්බලන්තොට ලයිම මංසන්දියේදී තංගල්ල සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් මාර්ගය හරහා මාරුවෙමින් තිබු ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රථය ත්‍රී රෝද රථයේ ගැටීමත් සමග ත්‍රී රෝද රථය විසි වී පෙරලී ගොස් ඇති බව සිද්දිය ඇසින් දුටුවන් පවසයි.අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව ,පියා සහ පස් හැවිරිදි පුතා බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර සිද්දිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ මෙහෙයවයි.

සටහන සහ ඡායා - අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

Ambalanthota1

Ambalanthota3

Ambalanthota5

Ambalanthota9

Ambalanthota10

Ambalanthota12

Ambalanthota14

Ambalanthota15

Ambalanthota17

Ambalanthota18

Ambalanthota19

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top