file photo file photo
Sep 26, 2018

බෙලිහුල්ඔයෙන් ලෝකාන්තයට යන්න කේබල් කාර් ළඟදීම

ඩුබායි රජයේ ආධාර ඇතිව බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් අරඹන බව සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ සබරගමුවේ උසම ගම්මානය වූ නැග්රැක් ගම්මානයේ පිහිටි නග්රැක් සංචාරක බංගලාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය,

"බෙලිහුල්ඔය ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද ස්ථානයක්. සමනළ වැව ඒ සුන්දරත්වය වැඩි කරනවා. ලෝකාන්තයට මේ පැත්තෙන් යා හැකියි. සබරගමු පළාත් සභාව ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා කර තිබෙනවා බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ආරම්භ කිරීමට. එමගින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ හැකියි".

"සබරගමු විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ ආශිර්වාදය එයට තිබෙනවා. ඊට සමගාමීව සමනල වැවේ සංචාරක බෝට්ටු සේවයක් ද අරඹනවා. බෙලිහුල්ඔයට එන දෙස් විදෙස් සංචාරකයන්ට ලෝකාන්තයත් නරඹලා බෝට්ටු සවාරියකුත් ගිහං පාරිසරික රසවින්දනයක් වගේම සංචාරයක නිරත වන්නට ඉන් අවස්ථාව ලැබෙනවා".

"මම මේ ව්‍යාපෘතිය ගැන අතිගරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමා කිව්වේ ශ‍්‍රී පාදස්ථානයට නැතුව වෙන ඕනෑ තැනකට කේබල් කාර් ව්‍යාපෘති හඳුන්වලා දෙන්න කියලා. ඒ නිසා මම ආණ්ඩුකාර ධූරයේ ඉන්න කාලය තුළ මේ කෙබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගතහැකි හැම පියවරකම ගන්නවා" යැයි ද පැවසුවාය.

Nilukaekanayaka

Belihuloya

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top