Sep 26, 2018

"කොළඹ" අන්තර්ජාතික තෙත් නගරයක් ලෙස නම් කෙරේ

කොළඹ නගරය අන්තර්ජාතික තෙත්බිම් නගරයක් ලෙසට ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය විසින් නම් කරනු ලැබ තිබේ.

කොළඹ නගරය සඳහා අදාළ ජාත්‍යන්තර තෙත්බිම් නගර සහතිකය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අයදුම් කර තිබිණි.

නාගරීකරණයත් සමග නාගරිකයන් විසින් නාගරික තෙත් බිම් ප්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම හා ඒවායේ ජෛව විවිධත්වය සුරැකීම කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර නාගරික තෙත්බිම් නගර නම් කිරීමට 2015දී පැවැති පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේදී ජාත්‍යන්තර රුම්සා මහලේකම් කාර්යාලය විසින් තීරණය කෙරිණි.

ඒ අනුව චීනය, දකුණු කොරියාව, ප්‍රංශය, මැඩගස්කරය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක තෙත්බිම් නගර 18ක් තෙත්බිම් නගර ලෙස තෝරා ගෙන නම් කිරීමට ජාත්‍යන්තර රැම්සා මහලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top