Sathosa

''හොඳම ආරක්ෂක ස්ථානය සිරකූඩුව කියලා කියාවිද දන්නෙ නෑ" - හිටපු ජනාධිපති ''හොඳම ආරක්ෂක ස්ථානය සිරකූඩුව කියලා කියාවිද දන්නෙ නෑ" - හිටපු ජනාධිපති
Sep 27, 2018

''රැස්වීම්වලට නොයන්නේ මරණ බයට නෙමෙයි'' - මහින්ද කියයි

තමා මේදිනවල රැස්වීම වලට සහභාගී නොවන්නේ මරණ බය නිසා නොවේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ 07, විජේරාම පාරේ පිහිටි සිය නිල නිවෙසේදී ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එබව අවධාරණය කළේ, නාමල් කුමාර නැමැත්තා හා අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා විසින් කර ඇති ප්‍රභූ ඝාතන කතා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

''හැබැයි කවුරුහරි හිතනවා නම් මම මරණ බයේ රැස්වීම්වලට නොයා ඉන්නවා කියලා ඒක වැරැදීමක්. මේක බරපතළ හෙළිදරව්වක්. මේක කවුරුත් ඇවිත් හදලා කිව්වා කියන්න බෑ. සී.අයි.ඩී. එකෙන්මයි වාර්තා කරන්නේ. මීට ඉස්සරත් මෙවැනි වාර්තා ඇවිත් තිබුණා. ඒවා ඔක්කොම ඉහළ පොලිස් නිලධාරීන්ගේ මට්ටමෙන් නැවතුණා. ඒ ගැන දැන්නුවේ නැහැ.

දැන් තියෙන තත්ත්වය බලනකොට මට විතරක් නෙවෙයි මුළු පවුලටම ආරක්ෂාව දෙන්න වෙයි. හොඳම ආරක්ෂක ස්ථානය "සිරකූඩුව" කියලා කියාවිද දන්නෙ නෑ" යැයි ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Gl 670PX 23 07 18'විමර්ශන ගැන සෑහීමකට පත්විය නොහැකියි' - ජී.එල්.පීරිස්

නාමල් කුමාර හෙළිදරව් කළ ඝාතන සැලසුම් සහ අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයාගෙන් අනාවරණය කරගත් ඝාතන සැලසුම් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර තිබෙන විමර්ශන ගැන සෑහීමකට පත්විය නොහැකි බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ වනතෙක්ම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ කර නොමැති බැවින් මෙය සත්‍ය තත්ත්වය යටගැසීම සඳහා කරගෙන යන ක්‍රියා පිළිවෙතක් දැයි කියා සැක සංකා මතුවන බව ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු "පොලිස්පතිවරයා තනතුරේ ඉන්න තාක්කල් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න බෑ. මේ සිද්ධිය ගැන විමසන්න සාක්කිකාරයකු විදියට පොලිස්පතිව සී.අයි.ඩී. එකට කැඳවලා තියෙනවා.

ඒ විමර්ශනයට සහභාගි වන සාක්ෂිකාරයකු කොහොමද පොලිස්පති තනතුරේ සිටිමින් ඒ සඳහා දායකත්වය දෙන්නේ..? වෙන කෙනෙක් සම්බන්ධයෙන් නම් මෙලහකටත් නාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවේ. ඇයි ඒ පියවර ගන්නේ නැත්තේ.

වෙඩි නොවදින රථයත් අබලන් :

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආරක්ෂාව නැති බව පැහැදිලිවම අපි පෙන්නා දුන්නා. පිරිස් බලය විතරක් නෙවෙයි වාහන හා උපකරණ නැති බවත් කියා සිටියා.

ඉදිරි කාලයේදී රැස්වීම්වලට සහභාගි වීම සඳහා දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට මෙතුමාට යන්න සිද්ධ වෙනවා. අනිත් එක මෙතුමාට ලබාදී තිබෙන වෙඩි නොවදින රථයත් පාවිච්චි කළ නොහැකි මට්ටමකයි තියෙන්නේ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top