ඔහු මේ බව පැවසුවේ කොළඹ හැව්ලොක් සිටී ව්‍යාපෘතියේ වාණිජ සංවර්ධන ඉදිකිරීමේ කටයුතු වල සමාරම්භය සටහන් කිරීමට අද (28) පැවති උත්සවයට සහභාගී වෙමිනි.
“වසර 2017 යනු නව වසරක් පමණක්ම නොවේ. එය නව යුගයක ඇරමුමක් ද වනු ඇත. නව ජාතිකවාදී යුගයක් ඇරඹෙන වසරක්… නව ආර්ථික ජාතිකවාදයක ඇරඹුමක්… එය සංක්‍රාන්තික සමයක් ද වනු ඇත… දෘෂ්ටිවාදී ගැටුම් ඇති වන වසරක්… ගෝලියකරණය හා ජාතිකත්වය අතර ගැටීමක්… නිදහස් වෙළදාම හා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අතර ගැටීමක්… අනාගමිකවාදය හා ආගමික මූලධර්මවාදය අතර ගැටීමක්… ,” යැයි ඔහු පැවසුවේය.