Sathosa

Sep 27, 2018

''මංගලගේ ප්‍රතිචාරය ආණ්ඩුවේ මතය නොවේ'' - එජාප

කාදිනල්තුමන් විසින් දේව මෙහෙයක දී ඉදිරිපත් කරන ලද ප්‍රකාශයට අමාත්‍ය මංගල සමරවීර මහතා දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ පෞද්ගලික මතයක් බවත් ඔහු සිදුකරන ලද ප්‍රකාශය තම පක්ෂයේ හෝ ආණ්ඩුවේ අදහස නොවන බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි.

අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන් අමතමින් සිදුකළ ප්‍රකාශය අගය කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලාබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top