Sathosa

'' එයාල පැනලා ගියේ කොටි ත්‍රස්තවාදීන් කොළඹට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වාර්තා කර තිබු නිසයි'' - ජනාධිපති මෛත්‍රී '' එයාල පැනලා ගියේ කොටි ත්‍රස්තවාදීන් කොළඹට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වාර්තා කර තිබු නිසයි'' - ජනාධිපති මෛත්‍රී
Sep 28, 2018

''මහින්ද-ගෝඨා-ෆොන්සේකා රටින් පැනගියා. අවසන් සටනට නායකත්ව දුන්නේ මමයි'' - ජනාධිපති කියයි

බදාදා (26) දින රාත්‍රියේ ඇමරිකාවේ නිවියෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් සංවිධානය කර තිබු අතර එහිදී ජනාධිපතිවරයා මේබව කියා සිටියේය.

මේ අවස්ථාවට රාජිත සේනාරත්න, චම්පික රණවක යන අමාත්‍යවරුන්ද එක්ව සිටියේය.

එහිදී පළමුව ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ තිබෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙසයි.

එම අවස්ථාවේදී එක් ශ්‍රී ලාංකිකයෙකු නැගිට රජය රණවිරු දඩයම නතර කළ යුතු බව කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

''යුද්ධය අවසන් සති දෙක තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ, හිටපු යුධ හමුදාපතිවරයා රටේ හිටියෙත් නැහැ. මම වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

අර පිරිස රටේ හිටියේ නැත්තේ කොටි ත්‍රස්තවාදීන් කොළඹට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වාර්තා කර තිබු නිසයි. මමත් ආරක්ෂාව සදහා කොළඹ විවිධ ස්ථානවල රැදී සිටිමින් යුද්ධයට අණ දුන්නා.

එම නිසා රණවිරුවන් කළ සේවය මම දන්නවා. මම කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට 05 වතාවක් ගොදුරු වූ නායකයෙක්. එම නිසා රට ආරක්ෂා කිරීමටත්, රණවිරුවන් ආරක්ෂා කිරීමටත් මම කැප වෙනවා.

යුද්ධයට මුවා වෙලා කල අපරාධ වැරදියි :

කෙසේ නමුත්, යුද්ධයට මුවා වෙලා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වැරදියි. මාධ්‍ය වේදීන් ඝාතනය කිරිම සහ පහරදීම, මාධ්‍ය ආයතනවලට ගිණි තැබීම, ක්‍රීඩකයින් ඝාතනය කිරිම මිනිසුන් පැහැරගෙනයාම, රණවිරුවන්ගේ වැඩ නොවෙයි.

රණවිරු නාමයටත් එය කැළලක්. එම අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි'' යයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top