Sep 30, 2018

'ප්‍රභාකරන්' අධ්‍යක්ෂ තුෂාර හමුදා බුද්ධි අංශවල රූකඩයක්! Featured

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හඬපටයක් නිකුත්කරමින් දේශපාලන ක්ෂේත්‍රය තුළ එක රැයකින් ජනප්‍රිය තරුවක් බවට පත්වූ නාමල් කුමාර මහතා විසින් පෙරේදා (28) දිනයේ තවත් අනාවරණයක් කරමින් හෙළිදරව් කල තුෂාර පීරිස් නමැත්තා රාජපක්ෂ පාලන සමයේ හමුදා බුද්ධි අංශ විසින් නඩත්තු කළ අයකු බවට හඳුනගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

2008 වර්ෂයේදී 'ප්‍රභාකරන්' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කල තුෂාර පීරිස් මහතා, රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ආරක්ෂක අමාත්‍යංශය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අයෙකි. එම කාරණය ඔහු විසින් කිහිප අවස්ථාවකදී මාධ්‍යයට ප්‍රකාශකර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිතව :

'ප්‍රභාකරන්' චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පෙර ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් විසින් මුලින් නැරඹු බවත්, දෙවනුව රැගුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු බවත් තුෂාර පීරිස් මහතා 2008 මාර්තුවේදී 'ඩේලි මිරර්' පුවත්පතට ප්‍රකාශ කර තිබුණි. අදාළ ලිපිය පසුව වෙනත් වෙබ් අඩවි විසින් ද උපුටා පළකරනු ලැබුණි.

tops1

එසේම, 'ප්‍රභාකරන්' චිත්‍රපටයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා තම කණ්ඩායමට ලබාදුන් සහයෝගය පිළිබඳ තුෂාර පීරිස් මහතා ආරක්ෂක අංශවලට ස්තුතිය පළ කළ ලිපි ද එවකට පුවත්පත්වල පළ විය.

Photo of the Day: THUSHARA SHOOTS PREBHAKARAN

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ අනුග්‍රහය !

prabakarnfilm

 එසේම, තුෂාර පිරිස් මහතාගේ 'ප්‍රභාකරන්' චිත්‍රපටයට සමබන්ධයෙන් පළ වූ වාර්තා සඳහා යුධ හමුදා නිල වෙබ් අඩවිය විසින් ද පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ.

තවද ජාතික හෙළ උරුමය හා සම්බන්ධ පෙරමුණු සංවිධානයක් වශයෙන් රාජපක්ෂ ආණ්ඩුවට මතවාදීමය සහයක් ලබාදුන් ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින්ද තුෂාර ගුණරත්න මහතාගේ චිත්‍රපටයට පුළුල් සහයක් ලබාදී තිබිණ.

top3

රටින් පලාගියේ ඇයි ?

කෙසේවුවද මෙසේ ආරක්ෂක අංශ සමග සමීපව කටයුතු කල තුෂාර පීරිස් මහතා හිටි හැටියේ රටින් පලා ගොස් තමන්ට ආරක්ෂක අංශවලින් ජිවිත තර්ජන ඇතැයි පවසා ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම සැකකටයුතු බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා පවත්වන බවට හඟවමින් මොහු ලංකාවේ සිටින අන්තවාදී සංවිධාන සමග සමීප ගනුදෙනුවක් පවත්වාගෙන ගොස් ඇති බවත්, හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයන් විසින් ඊට අදාළ කටයුතු මෙහෙයවනු ලබන්නේ ද යන බරපතල සැකයක් මතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් ඇති බවත් ශ්‍රී ලංකා මිරර්' වෙත තොරතුරු ලබාදුන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ය.

 සබැඳි පුවත් :

නාමල් කුමාර හෙළිදරව : 'ප්‍රභාකරන්' අධ්‍යක්ෂත් හවුල් !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - edit[email protected] දුරකථන - +94 114 546 362

Top