Oct 01, 2018

තලතා විවෘත කළ ඵලකෙ රෑම උස්සලා

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ කහවත්ත ගබ්බෙල පාලමේ ඵලකය පාලම විවෘත කළ දිනයේම රැගෙන ගොස්‌ ඇති බවට ප්‍රදේශවාසීන් පැමිණිලි කර ඇති බව රක්‌වාන පොලිසිය කියයි.

ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ සහ විද්‍යාතාක්‌ෂණ පරීයේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතාගේ සහභාගිත්වයෙන් පාලම ජනතා අයිතියට පත් කිරීම පෙරේදා (29 දා) සවස සිදුකෙරුණි.

විවෘත කළ දිනයේම රාත්‍රියේදී ඵලකය සවිකල කුලුන විනාශකර ඵලකය රැගෙන ගොස්‌ ඇති බව ගම්වාසින් පවසති.

වත්මන් රජය මගින් පළාත් පාලන අමාත්‍ය අංශ ප්‍රතිපාදන යටතේ හාරකෝටි විසිහත්ලක්‌ෂයක වියදමින් රක්‌වාන ගඟ හරහා මෙම නව පාලම ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top