Sathosa

Oct 01, 2018

"නෙළුම් කුළුණ" පගා කුළුණ වූ හැටි

කොළඹ නෙලුම් කුළුණ පගා කුලුන ලෙස හඳුන්වන බවත් එය පගාවේ සංඛේතය බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතරදී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකදී ඔහු මේ බව ඊයේ (30දා) පැවැසීය.

“අපි මිල සුත්‍රය සූත්‍රය හඳුන්වා දුන්න එකේ වාසිය ජනතාවට දෙන්නේ. අවසනාවකට එදා ඉඳල ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. නමුත් ඒක අඩු වුණොත් ඒ වාසිය නිසැක වශයෙන් ම මේ සූත්‍රය යටතේ ලැබෙන්නේ ජනතාවට.එදා තෙල් බැරල් එක අඩුම මට්ටමට වැටිල තියෙන වෙලාවේ උසාවියෙන් මිල අඩු කරන්න කියල දීපු තීන්දුව ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ මහත්තයා අද මිල සූත්‍රය ගැන කතා කරනවා".

"කොළඹ නෙළුම් කුළුණ කියන්නෙ පගා කුළුණ කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය" යැයි පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top