Sathosa

Oct 02, 2018

"ආවා කල්ලිය" නමින් වවුනියාවේ අත්පත්‍රිකා බෙදා හැරලා

ආවා කල්ලිය නමින් වවුනියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ‍ඊයේ (01) දමාගොස් තිබු බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි.

වවුනියාව කුරුමන්කාඩුව,වෛරවපුලියන්කුලම,දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථානවල මෙලෙස අදාළ අත්පත්‍රිකා බෙදා හැර ඇත.

මුහුණ වසා ගනිමින් සිටින පිහියක් අතින්ගත් පුද්ගලයෙකුගේ රුව රැගෙන ආවා නමින් සදහන් ජායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව සකස් කොට තිබු බවද ආරක්ෂක අංශ පැවසීය.

"අපි ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා.අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වවුනියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා". යනුවෙන් අදාළ අත්පත්‍රිකාවේ සදහන්ව පවතින බවද ආරක්ෂක අංශ සදහන් කළහ.

අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි

සටහන සහ ඡායා - මාධව කුලසූරිය - වවුනියාව

Ava Poster 01

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top