Oct 03, 2018

'අසාධාරණ ලාභ ඉපැයීම අනුමත කරන්න බැහැ' - මංගල

වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය පිළිගන්නා නමුදු පෞද්ගලික අංශය අසාධාරණ ලාභ ඉපැයීම අනුමත නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

නව පාරිභෝගි අධිකාරී පනත මගින් අසාධාරණ ලාබ ලබන ආයතන නිසැක නීතියේ රැහැනට හසුකර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

අදාළ කෙටුම්පත අයවැයට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම අපේක්ෂාව බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව ඊයේ (02) මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ දී ය.

මලික් සමරවික්‍රම, රිෂාද් බදියුදීන්, විජිත් විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර සහ දයා ගමගේ යන අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක් වූහ.

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top