සමූපකාර සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් 2015 වසර සදහා මෙම සමිතියේ ගිණුම් විගණනය කිරීමෙන් පසුව හෙළිදරව් වී ඇති බරපතල මුදල් අවභාවිතාවන් පිළිබදව වර්තමාන අධ්යක්ෂ මණ්ඩලය විසින් ද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් 2015 වසරේ මෙම සමිතියේ සිටි සියළුම අධ්යක්ෂවරු ද වර්තමාන අධ්යක්ෂවරු ද එම සමිතියේ කළමනාකාරිනිය ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
තවද, තමාගේ නිලධාරීන් විසින්ම සිදු කරන ලද විගණනයෙන් බරපතල අක්රමිකතාවයන් හෙළිදරව් වී තිබිය දීත් සමූපකාර ප්රඥප්තිය යටතේ තමන් වෙත ඇති බලතල ක්රියාත්මක කර ඒ පිළිබදව වගකිව යුතු තැනැත්තන් පිළිබදව සොයා බලා ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීමේ වගකීම සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇති නමුත් ඔහු එසේ නොකර සිය වගකීම හිතාමතාම පැහැර හරිමින් සිටින බව ද මෙම පැමිණල්ලේ දක්වා ඇත.
එම නිසා බස්නාහිර පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ද සහකාර කොමසාරිස්වරයා ද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
මේ සම්බන්ධ තොරතුරු මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්රී ලංකා මිරර් විසිනි.
සබැඳි පුවත්
කොටිකාවත්ත සණසේ අලූත්ම මගඩිය මෙන්න