වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය පිළිගන්නා නමුදු පෞද්ගලික අංශය අසාධාරණ ලාභ ඉපැයීම අනුමත නොකරන බව ද ඇමතිවරයා කියා සිටියි.
නව පාරිභෝගි අධිකාරී පනත මගින් අසාධාරණ ලාබ ලබන ආයතන නිසැක නීතියේ රැහැනට හසුකර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
අදාළ කෙටුම්පත අයවැයට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම අපේක්ෂාව බව ද අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ දී ය.
මලික් සමරවික්‍රම, රිෂාද් බදියුදීන්, විජිත් විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර සහ දයා ගමගේ යන අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියේය