Sathosa

file photo file photo
Oct 05, 2018

ශිෂ්‍යත්වයේ පළමුවැනි‌‌‌යෝ දෙන්නෙක්- කඩයිම් ලකුණු මෙන්න

2018 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී අතර පළමු ස්ථාන දෙකක් වාර්තා කිරීමට සිසුන් දෙදෙනෙක් සමත්ව තිබේ.

ඔවුන් දෙදෙනාම ලකුණු 199 බැගින් වාර්තා කර තිබේ.

-මෙත්නුල් විතානගේ - සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ (පිළියන්දල)

-සනූප දිමත් පෙරේරා - ශාන්ත මරියා මහ විදුහල (වේයන්ගොඩ)

එසේම දෙවැනි ස්ථාන තුනක්, තුන්වැනි ස්ථානයක්, හතරවැනි ස්ථාන 23ක් වාර්තා කර තිබේ. ඔවුන් පිළිවෙළින් ලකුණු 198, 197 හා 196ක් බැගින් ලබාගෙන ඇත.

ප්‍රතිඵල නිකුත් ශිෂ්‍යත්ව විභාගයේදී ලංකාවේ ප්‍රධාන පාසල් අභිභවමින් අනෙකුත් පාසල් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව පළමු, දෙවැනි, තෙවැනි හා සිව්වැනි ලෙස ඉහළම ලකුණු ලබාගත් සිසුන් 29 අතර බොහෝ දෙනෙක් ජනප්‍රිය නොවන පාසල් වල සිසුන් වීම කැපී පෙනෙන සාධකයකි.

scool5

ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ. එහි වැඩි ලකුණු සීමාව සිංහල මාධ්‍ය 168ක් හා දෙමළ මාධ්‍ය 165ක් ලෙස දැක්වෙයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ,ගාල්ල, මාතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ඉහළම ලකුණු බලපායි.

image 8985f8a829

www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top