Sathosa

Oct 05, 2018

"එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා" සහන ණය යෝජනා වතුකරයට

"2025 පොසත් රටක්" යන මැයෙන් මුදල් අමාත්‍යංශය මගින් හඳුන්වාදී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (05) හැටන් නගරයෙන් ආරම්භ කෙරිණි.

මුදල් අමත්‍යංශය මගින් අත්පත්‍රිකා බෙදා දෙමින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන දියත් කර තිබූ අතර මාධ්‍ය අරුණ , රිය ශක්ති , ගොවි නවෝදා , රණ් අස්වැන්න , ජය ඉසුර , හිත ණය , රිවි බල සවි , සොදුරු පියස යන ණය යෝජනා ක්‍රම යටතේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කර රාජ්‍යය බැංකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම ණය මුදල අඩු පොලි අනුපාතයක් යටතේ ණය අයදුම්කරුට ලබාදීමට නියමිතය.

රාජ්‍යය බැංකුවල නිලධාරින්ගේද සභාගිත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන අද හැටන් නගරය කෙන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා විසින් මෙම සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කරන ලෙස මුදල් අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් මතයි මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සිදු කරන ලදි.

සටහන සහ ඡායා- රංජිත් රාජපක්ෂ - හැටන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top