Oct 05, 2018

NLDB සභාපති අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති එම්.කේ. මුතුවිනයාගම් මහතා අත්අඩගුවට ගෙන තිබේ.

මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කිරිම සඳහා ව්‍යාපාරිකයෙක්ගෙන් රු. ලක්ෂ 6ක අල්ලසක් ලබාගනිමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

අදාළ ව්‍යාපාරිකයා ලබාදුන් තොරතුරකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top