Sathosa

මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද?  මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද? 
Oct 06, 2018

DIG නාලකගේ ඕඩරයට LMG අවි එලියට ගෙනාවේ ඇයි ?  Featured

ත්‍රස්ත විමර්ශන ඒකකයට (TND) නිකුත් කර තිබූ එල්.එම්.ජී. (LMG) වර්ගයේ ගිනි අවි දෙකක් නාලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විසින් කිසිදු සටහනක් නොතබා පිටතට රැගෙන ගොස් දින දෙකකට පසුව රැගෙන ගිය රාජකාරිය කුමක් දැයි සටහන් කිරීමකින් තොරවම ආපසු භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05 ) අධිකරණයට දැන්වීය.

මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද? එම කාලය තුළදී ඒවා යම්කිසි අපරාධයකට භාවිත කළේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට දැන්වීය.

එම ගිනි අවි පිටතට රැගෙන ගිය කාලයේදී භාවිත කර ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
janabalaya                                    මෙම LMG අවි නිකුත්කර ඇත්තේ ඒකාබද්ධයේ ජනබලයට පෙර දිනයේ ...

එම ගිනි අවි දෙක නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා රාජකාරී කළ සමයේ කළ ඉල්ලීමක්‌ අනුව පොලිස්‌ මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්‌ත විමර්ශන ඒකකය වෙත නිකුත් කර ඇති බවත් පසුගිය සැප්තැම්බර් 04 වැනිදා එම ඒකකයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට එය නිකුත් කර ඇත්තේ ද නාලක ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැන්වීය.

පොලිස්‌ රෙගුලාසි අනුව අවි ගබඩාවකින් යම්කිසි නිලධාරියකුට ගිනි අවි නිකුත් කිරීමේදී ඒවා කුමන නිලධාරියාට කුමන රාජකාරී කටයුත්තක්‌ සඳහා භාරදී ඇති ද යන කරුණු මෙන්ම ආපසු භාරදීමේදී ඒවා භාවිත කළේ ද යන කරුණ උප සේවා නිලධාරියාට වාර්තා කළ යුතු වුවත් මෙහිදී ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක්‌ නොමැති බව අනාවරණය වී ඇතැයි ද දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට සඳහන් කළේය.

එබැවින් පුරා දින දෙකක්‌ විමර්ශන ඒකකයෙන් පිටත රඳවාගෙන කුමන කටයුත්තකට යොදා ගත්තේ ද යන කරුණු අනාවරණය කර ගැනීමට ඒවා භාරයට ගත් පොලිස්‌ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන කරනා බව ද එහිදී සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒවා එම කාලයේදී භාවිත කර ඇත්තේ ද යන කරුණ අනාවරණය කරගැනීම සඳහා රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, ජනබලය කොළඹට උද්ඝෝෂණයේදී කළහකාරී තත්ත්වයක් ඇති වූයේ නම් උද්ඝෝෂණයට පැමිණි ජනතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) සතු LMG ගිනි අවි දෙක භාවිත කිරීමේ සූදානමක් පැවති බවයි.

සබැඳි පුවත් :
LMG ගිනි අවි දෙකකක් ශ්‍රීලනිප මුලස්ථානය අසලට ගෙනාවේ ඇයි ? 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top