Sathosa

Oct 06, 2018

කෝටි 80ක ටෙන්ඩරයක් ගන්න ඇක්සස් දැමූ අණ්ඩරය ! Featured

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන අංක තහඩු මුද්‍රණ ටෙන්ඩරය සඳහා ටෙන්ඩර් නීති රීති උල්ලංඝනය කරමින් එකම පුද්ගලයන් අධ්‍යක්ෂ ධුර දරන සමාගමක් නම් කීපයකින් සමාගම් කීපයක් ලෙස අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
දැනට කාලය අවසන්ව ඇති  ටෙන්ඩරය හිමිකරගෙන තිබු  UTSCH Tönnjes නමැති ජර්මානු සමාගම එම සමාගමේ නාමය දෙකට කඩා UTSCH  සහ   Tönnjes  ලෙස  සමාගම් දෙකක් ලෙස UTSCH සමාගම ඇක්සස් සමාගම සමගද Tönnjes  සමාගම ඇවන්ස්ස්මාර්ට් සමාගම සමග ද  මිල ගණන් ඉදිරිපත් කර තිබේ.
 
සමාගම් අටක් මෙවර අංක තහඩු ටෙන්ඩරය සඳහා ටෙන්ඩර් පත්‍රිකා ලබාගෙන ඇතත්  ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත්කර ඇත්තේ සමාගම් හයක් පමණි. එසේ ටෙන්ඩර් පත්‍රිකා රැගෙන ගිය සමාගම් අතරින් තුනක්ම එකම පිරිස්  අධ්‍යක්ෂ මණ්ඩල හා කොටස් හිමියන් නියෝජනය කරන සමාගම්වීම විශේෂත්වයකි. ඇක්සස්, ඇවන්ස්මාර්ට් සහ ඇරින්මා යන සමාගම් එම සමාගම් තුන වේ. 
 
කෙසේවුවද ඉන් අවසන් ටෙන්ඩරයට ඉදිරිපත්ව ඇත්තේ එම සමාගම් තුනෙන් දෙකක් පමණි. ඒ හරහා ටෙන්ඩරය සඳහා මුලින් තිබු  පිරිවිතර වෙනස් කරගැනීම, ටෙන්ඩරය සඳහා කල් ලබා ගැනීම ආදී වාසි සහගත තත්වයන් එම අයට හිමිව තිබේ. එසේම මෙම සමාගම දැනටත් මෙම සැපයුම සිදු කරන බැවින් කවර තත්වයක් යටතේ හෝ මෙය කල්දමීමමක් හෝ අධිකරණමය  ක්‍රියාවලියකින් හෝ මෙය කල් ගියහොත් එහි වාසියද නිතැතින්ම එම ජර්මානු සමාගමට හිමිවීම ද විශේෂ තත්ත්වයකි.
 
මේ හේතුවෙන් මෙවරද ඒ සඳහා අඩු මිලකට හොඳම අංක තහඩු ක්‍රමවේදයක් මිලදී ගැනීම වෙනුවට වැඩි මිලකට එය මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම තාක්ෂණ ඇගයීම් හා ටෙන්ඩර් කමිටුව විසින් සකස් කර තිබේ.
 
දැනටමත් එම දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන අමාත්‍යංශයේ සේවය කරන හා මීට පෙර එහි සේවය කල අය මෙම කමිටුවලට යෙදවීමත් ඔවුන් මීට පෙරද අදාල සමාගම් සමග සමීපව කටයුතු කර තිබීමත් නිසා මෙය කලින් මනාව සැලසුම් කර නමට පමණක් කැඳවන ලද ටෙන්ඩරයක් බවට පත්ව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
මේ ටෙන්ඩරයෙන් වසරකට රුපියල් කෝටි අසූවක පමණ ආදායමක් ඉපයිය හැකි බව පැවසේ.  2016 දී ටෙන්ඩර් කැඳවීමේදී අංක තහඩුවක් රුපියල්  850ක මුදලකට ලබාදීමට ඉදිරිපත් වූ අදාළ සමාගමට පසුව රුපියල් 250 ක් වැඩිපුර ගෙවන්නට මෝටර් රථ දෙපාර්තමේන්තුව 2016 සිට කටයුතු කර ඇති බවද පැවසේ.
 
එසේම වත්මන් මෝටර් රථ කොමසාරිස්වරයාද මේ සඳහා සහය දක්වන බවට චෝදනා එල්ලවී තිබේ.
 
තවද අදාළ, කාරණා සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍යයෙන් විවේචන එල්ලවූ අතර ඒවා යටපත් කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍යට සම්බන්ධව සේවය කරන කාන්තාවක් මාධ්‍ය ආයතන සමග රහස් ගනුදෙනු කර ඇතැයි ද පැවසේ.
 
මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයගේ සැමියා ජාතික පුවත්පතක මාධ්‍යවේදියකු බවද මේ අතර වාර්තා වේ.
 
 
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top