Sathosa

Oct 07, 2018

නිශ්ශංකගේ යෝජනාවට පයින් ගසා රුපියල බාල්දු කරලා !

ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් යොදාගනිමින් මසකට ඩොලර් මිලියන 70ක් රටට උපයාගත හැකි යෝජනාවක් ආරක්ෂක අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ රුපියල බාල්දුවීමට පෙර ඉකුත් ජුනි මාසයේදීය.

මේ ව්‍යාපෘතිය හරහා වසරකට ඩොලර් මිලියන 850ක ආදායමක් රටට ලබා ගැනීමට හැකියාව තිබූ බවද වාර්තා වේ.

කෙසේවුවද, අදාළ යෝජනාව ඉතා හොඳ එකක්වුවද, දේශපාලන මතිමතාන්තර හේතුවෙන් නිශ්ශංක මහතාට එය ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ අවස්ථාව ලබාදී නොමැති බව පැවසේ.

යම් හෙයකින් අදාළ යෝජනාව ක්‍රියාත්මකවූයේ නම් විශ්‍රාමික ආරක්ෂ අංශ සාමාජිකයන් 15,000 කට රැකියා අවස්ථා හිමිවීමට අවස්ථාව තිබූ බවද වාර්තා වේ.

එසේම විශ්‍රාමික සාමාන්‍ය සෙබලකුට ඩොලර් 2,000ක වේතනයක් (ලක්ෂ 3 1/2කට ආසන්න) ලබා ගැනීමට හැකියාව තිබූ බවත්, විශ්‍රාමික මේජර්වරයෙකුට ඩොලර් 6,000 ක (රුපියල් මිලියනයකට ආසන්න) වේතනයක් ලබා ගැනීමට හැකියාව තිබූ බවද වාර්තා වේ.

තෙල් ලිඳවල් ආශ්‍රිත මුහුදේ ආරක්ෂාව තර කිරීම හා සංක්‍රමණිකයන් පැනයාම ආරක්ෂා කිරීම අදාළ ආරක්ෂක අංශවලට පැවරෙන රාජකාරිය බව පැවසේ.

ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් ඉදිරිපත් කළ යෝජනාව මෙතනින්

යොජනාවෙන් දෙමසකට පමණ පසුව ආරක්ෂක අමාත්‍යංශය එවා තිබූ ලිපිය

mod

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top