Pasidol

Sathosa

Oct 09, 2018

අනවශ්‍ය බලපෑම් කලොත් එජාප ආණ්ඩුවක් ! Featured

යහපාලන ආණ්ඩුව කඩාබිඳ දැමීමට කිසියම් පාර්ශවයක් කුමන්ත්‍රණය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි තම පක්ෂය එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට කටයුතු කරන බව එජාපයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ඒකාබද්ධය හා ශ්‍රීලනිපය කණඩායමක් එක්වී භාරකාර ආණ්ඩුවක් සැදීමට පවත්වනවා යයි කියන සාකච්ජා සම්බන්ධයෙන් එජාපයේ ස්ථාවරය විමසු අවස්ථාවේදී ඔහු එබව කියා සිටියේය.

මෙම කාරණය සම්බන්ධයෙන් ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා කියා සිටියේ, භාරකාර ආණ්ඩු කතා ගැන එජාපය බිය නොවන බවයි.

''මොන ආකාරයේ බාධක තිබුනත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා'' යයි පැවසු මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සභාග ආණ්ඩුවකට යනවානම් පාර්ලිමේන්තුවේ දැනට මන්ත්‍රීධුර 106ක් තිබෙන එක්සත් ජාතික පක්ෂය ඒ ගැන කිසිසේත්ම සැලෙන්නේ නැහැ'' යයි අවධාරණය කර සිටියේය.

'මෛත්‍රී කවදාවත් එහෙම කරන්නේ නැහැ'

කෙසේවුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය හා සාකච්ඡා පැවැත්වීම පිළිබඳවත්, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හදන ඒකාබද්ධයේ අලුත් සන්ධානය පිළිබඳවත් අදහස් දක්වා ඇති කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 08 ජනවරම කිසිඳු ලෙසකින් පවා නොදෙනු ඇති බවයි.

''අපි මේවා දකින්නේ පත්තරවලින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. මොකද ඔහුව බලයට පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙකුත් සුළු දේශපාලන කණ්ඩායම්.'' ඇමතිවරයා කියා සිටියි.

 සබැඳි පුවත් :

'රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්' - පලනි දිගම්බරම්

සන්ධාන බාරකාර ආණ්ඩුවට එජාපයේ පිරිසක් - ඩිලාන් කියයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top