OPEN

#

OPEN

#

''ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න ජනවරමක් නැහැ" - සභානායක  ''ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න ජනවරමක් නැහැ" - සභානායක 
Oct 10, 2018

රාජපක්ෂලා එක්ක ආණ්ඩු හදන්න අපි නැහැ - එජාපය කියයි 

'ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවීමට අපි සූදානම් නැහැ'යි  පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවැසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම කාරණය සඳහන් කලේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා සභානායකවරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේ පිළිතුරු දෙමිනි.

"මේ වෙලාවේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ නැහැ. රජය මාරු කරනවා, සභාග ආණ්ඩුවක් පිහිටුවනවා, විකල්ප ආණ්ඩුවක් පිහිටුවනවා කියලා, කණ්ඩායම් 2ක් එකතු වෙන්න යනවා කියලා ප්‍රචාරයක් යනවා. මෙහි සත්‍යතාව කුමක්ද කියලා පාර්ලිමේන්තුවේ සභානායකතුමාගෙන් මං අහන්න කැමැතියි" යනුවෙන් එස්.එම්. මරික්කාර් මහතා ඉතා උස් හඬින් විමසා සිටියේය.

ඊට පිළිතුර ලබාදීමට වහාම නැඟී සිටි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

"එහෙම ආණ්ඩුව මාරුවෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද මේ රටේ ජනවරම ලැබුණේ යහපාලන ආණ්ඩුවට. එක්සත් ජාතික පෙරමුණටයි ජනවරම ලැබුණේ. ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ. ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවන්න ජනවරමකුත් නැහැ" යනුවෙන් ප්‍රකාශ කළේය.

මැතිසබය උණුසුම් වේ !

මරික්කාර් මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නය විමසනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම කෑකෝ ගැසීම් සිදුකළ අතර ඊට ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් ප්‍රතිචාර දැක්වීම නිසා මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

"මෙන්න ආණ්ඩුව බය වෙලා. අලුත් ආණ්ඩුවක් එයි කියලා මරික්කාර් දැන්මම බයවෙලා. ඒ බයටයි මෙහෙම ප්‍රශ්න අහන්නේ" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෑගසමින් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top